ආර්ථික යුක්තිය ඉල්ලා අදත් සෞඛ්‍ය සේවකයෝ පාරේ

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකර ගැනීමේ උද්ඝෝෂණ මාලාවේ තවත් උද්ඝෝෂණයක් අද බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට දී පැවැත්වුණා.

විශාල සෞඛ්‍ය සේවකයන් පිරිසක් ඊට සහභාගි වී සිටියා.

තාවකාලිකව වැඩ වර්ජන ක්‍රියාමාර්ගය නවතා ඇති සෞඛ්‍ය සේවා වෘත්තිකයෝ හෙට (6) අගහරුවාදා මුදල් අමාත්‍යංශයේදී පැවැත්වෙන සාකච්ඡාවෙන් සාධනීය විසඳුමක් නොලැබෙන්නේ නම් බදාදා සිට නැවතත් වර්ජනය දියත් කරන බව අනතුරු අඟවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles