පවතින දැඩි වියළි කාලගුණ තත්වය සැලකිය යුතු මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය පරෙස්සම් විය යුතු මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිස්ත්‍රික්ක 11කට මේ තත්වය බලපාන බවයි සඳහන් වන්නේ. ඒ සෙල්සියස් අංශක 39-45 මට්ටමට බොහෝ ප්‍රදේශවල තාප මට්ටම ඉහළ ගොස් තිබෙන බැවින්.
මෙම තාප මට්ටම සමඟ උෂ්ණත්වය නිසා මතුවන අතුරු ආබාධ මතු විය හැකි බැවින් බොහෝ වෙලාවක් අවු රශ්මියේ නොසිටින ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. දිගින් දිගටම මෙසේ තාපයට නිරාවරණය වී ක්‍රියාකාරී වීම හේතුවෙන් හෘදයාබාධ පවා ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් වැඩි පුර ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය උපදෙස් නිරන්තරව පිළිපදින ලෙස ඔවුන් තවදුරටත් කියා සිටිනවා.