පෙදෙස් රැසකට අදත් තද වැසි

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් පවතින බව වාර්තා වෙනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඔවුන් තවදුරටත් දක්වා සිටිනවා.

දිවයිනේ සෙසු පළාත්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවටයි අනාවැකි පළ වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles