අදත් දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේ තද වැසි ඇතිවනු ඇතැයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවෙන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
ඒ අතර රටේ දිස්ත්‍රික්ක කිහිපයක, ස්ථාන ගණනාවකට අදාළව නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික්කයේ- හපුතලේ, නුවර- තුම්පනේ, කෑගල්ල- බුලත්කොහුපිටිය, මාවනැල්ල, යටියන්තොට, වරකපොල, කුරුණෑගල- රිදීගම සහ පොල්ගහවෙල, මාතර- පස්ගොඩ, රත්නපුර- කලවාන, ඉඹුල්පේ, කොලොන්න, ඇලපාත, වැලිගෙපොල, කුරුවිට, රත්නපුර, ඇහැලියගොඩ, ගොඩකවෙල, බලංගොඩ සහ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
කෑගල්ල, ගලිගමුව, අරණායක, යන ප්‍රදේශවලට නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.