විදෙස් සංචාරකයන් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් නේපාලයේ එවරස්ට් කන්ද ආසන්නයේ දී කඩා වැටීමෙන් එහි සිටි 5 දෙනෙක් මිය ගොස් තිබෙනවා. එක් අයෙකු තවමත් අතුරුදන් බවයි බලධාරීන් පවසන්නේ.
මෙම යානයේ නේපාල ජාතික ගුවන් නියමුවාට අමතරව මෙක්සිකානු ජාතිකයන් පස් දෙනෙක් සිට ඇති අතර එවරස්ට් නැරඹීමෙන් පසු කත්මණ්ඩු වෙත නැවත යමින් සිට තිබෙනවා.
ගුවන්ගත කර විනාඩි 10කට පමණ පසුව මෙම හෙලිකොප්ටරය කඩා වැටුණු බවයි වාර්තා වන්නේ. නේපාලයේ එම පෙදෙස්වල වැසි සමය ඇරඹී ඇති අතර කාලගුණ තත්වය මෙවැනි අනතුරුවලට හේතුවන බවයි