කංසා අනුමැතිය ලැබුණෙ ගිය අවුරුද්දෙ – ඩයනා

කංසා වගාව සම්බන්ධයෙන් කිසිදු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවූ බවත්, කැබිනට් අමාත්‍යවරියක් නොවන ඩයනා ගමගේ පවසන දෑ තමන් නොදන්නා බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන 6 වැනිදා පැවසුවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසන්නේ, ඖෂධයක් ලෙස කංසා වගා කර අපනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ පසුගිය වසරේදී බවයි.

කෙසේ වෙතත් ත්‍රෛලෝක විජයපත්‍ර ලෙස ආයුර්වේදයේ දී හැඳින්වෙන කංසා ශාකය මෙරට වගා කර ඖෂධයක් ලෙසට අපනයනය කිරීමට කැබ්නට් අනුමැතිය හිමි වුණු බවට සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පසුගිය 05 වැනි දා ප්‍රකාශ කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles