කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) සවස 5 සිට පසුවදා එනම් 14 වෙනිදා උදේ 9 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව එම ප්‍රදේශ මෙසේ වෙනවා,
කොළඹ 11, 12, 13, 14, 15 එනම් – පිටකොටුව, අලුත්කඩේ, කොටහේන, කොච්චිකඩේ, ග්‍රෑන්ඩ්පාස්, මට්ටක්කුලිය, මෝදර, මාදම්පිටිය.
අඹතලේ ජල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවයි පැවසෙන්නේ.