මීළඟට පත් වෙන ජාතික ජනබලවේගය රජයක් යටතේ සහ තමා ජනාධිපතිවරයා වශයෙන් මෙරට දේශපාලන සංස්කෘතියේ සිදු කරන වෙනස්කම් ගැන ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් සඳහන් කර තිබෙනවා.
ජනපතිවරයා වෙනුවෙන් පවත්වාගෙන යන විශාල ආරක්ෂාව විසුරුවා හරින බවත්, මිල අධික වාහන භාවිතය නවතා දමන බවත් ඔහු පවසනවා.
ගෝල්ෆේස්හි පෙරෙට්ටුවක් තබා ආරක්ෂාව විසුරුවා හරින බවත්, එම පොලිස් නිලධාරීන් ගමේ පොලිසිවලට අනුයුක්ත කරන බවත් හෙතෙම තවදුරටත් පැවසුවා.
මහජන ධනය සතයක් හෝ නාස්ති නොකර කටයුතු කරන ආකාරය එහිදී තමා පෙන්වා දෙන බව ඔහු සඳහන් කළා.
ජාතික ජනබලවේගයේ නායකයා මේ අදහස්හ පළ කරනු ලැබුවේ හම්බන්තොට දිස්ත්‍රික් ජාතික ජනබලවේග කාන්තා සමුළුව අමතමිනුයි.