පසුගිය දිනවල නැවත සීඝ්රයෙන් දේශීය බිත්තර මිල ඉහළ ගියා. උත්සව සමය ආසන්නයේ මේ වන විට බිත්තර මිල රුපියල් 50ත් ඉක්මවා අලෙවි කරන අවස්ථා දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් මේ තත්වය පාලනය කිරීම සඳහා නැවතත් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 60ක් බෙදාහැරීමට තීරණය කර ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒවා එකක් රුපියල් 35 බැගින් සතොස හරහා මිලට ගත හැකි බවයි අමාත්‍යවරයා පවසනවා. අද (12) සිට මෙම බිත්තර මිලට ගත හැකි බවයි වාර්තා වන්නේ.