නව වැට් බදු පණත මගින් 2024 ජනවාරි මස 1 දා සිට පෙට්රල් ලීටරයක් රු. 62.37කින් සහ ඩීසල් ලීටරයක් රු. 59.22කින් ඉහළ යන බව සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා.
ඒ අනුව දැනට රුපියල් 346ක මිලකට පවතින ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 400ට වැඩි වනු ඇති. රුපියල් 329කට ඇති ඩීසල් ලීටරයක මිල රු. 400 ආසන්න වනු ඇති.
දැනටත් ඉන්ධන සඳහා බදු වර්ග 4ක් එක් වන බවයි ආනන්ද පාලිත පවසන්නේ. ඒ අනුව ඉන්ධන ලීටරයට බදු පමණක් රුපියල් 125ක් එකතු වනවා. ඉන්ධන බදුවලින් ආණ්ඩුව මසකට උපයන මුදල රුපියල් කෝටි 1500ක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
ඉන්ධන ගාස්තු ඉහළ යාම සමගින් විදුලිය සහ ජලගාස්තු ද ඉහළ යන බව ඔහු පෙන්වා දෙනවා.