ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීම සඳහා 2020-2021 අතර කාලයේ අධ්‍යාපන ලේකම්වරයා මැදිහත්වීම් 2367ක් කර ඇති බව ජාතික විගණන කාර්යාල වාර්තාවක දැක්වෙනවා.
මේ අතරින් වැඩිම මැදිහත්වීම් ප්‍රමාණයක් සිදු කර ඇත්තේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවයි ඒ අනුව දැක්වෙන්නේ. ඒවා බැලු බැල්මට නියෝග ලෙස සැලකිය හැකි බවයි විගණන කාර්යාලය පැවසෙන්නේ.
අමාත්‍යවරුන් මැදිහත්වීම් 861ක් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මැදිහත්වීම් 654ක්ද සිදුකර තිබෙනවා. ආමත්‍යංශ ලේකම්වරුන් හෝ ප්‍රධානීන් එවැනි මැදිහත්වීම් 190ක්ද අගමැති කාර්යාලයෙන් මැදිහත්වීම් 160ක්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 53ක්ද වශයෙන් එහි දැක්වෙනවා.
එපමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයෙන් ද මැදිහත්වීම් 45ක් සිදුකර ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා. ජනාධිපති කාර්යාලයෙන්ද එවැනි මැදිහත්වීම් 20ක් සිදුකර ඇතැයි සඳහන්.
මෙම ලිපි බහුතරයක මහජන නියෝජිතයන් තමා සහ ලිපිවල අයදුම්කරුවන් අතර පවතින දේශපාලනමය සබඳතා හුවා දක්වා තිබෙන අතර ලබා දිය යුතු පාසල්ද නිශ්චිතව දක්වා ඇති බව කියවෙනවා.
මෙම ඉල්ලීම්, නිර්දේශ සහ නියෝග මත අධ්‍යාපන ලේකම්වරයා 2020 ජනවාරි 01 සිට 2022 මැයි දක්වා ලිපි 3559 ක් නිකුත් කර ඇති බවද එම වාර්තාවේ දැක්වෙනවා.