අය-වැයෙන් රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 10000කින් වැටුප් වැඩිකරීමට සැලසුම් කර ඇතැයි නිල නොවන ආරංචිමාර්ග වාර්තා කරනවා.
ඊයේ දිනයේ (12) මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා සිටියේ ජනතාවට සහන සලසන අය-වැයක් ඉදිරිපත් කෙරෙන බවයි.
කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයන්ගේ සමහර වෘත්තීය සමිති රුපියල් 30000කින් වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටිනවා. රාජ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු නෙවිල් විජේරත්න පවසා ඇත්තේ රුපියල් 30000ක වැටුප් වැඩිවීමක් නොකරන්නේ නම් සමස්ත රාජ්‍ය සේවා වැඩවර්ජනයක් කැඳවන බවයි.