ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස එක් වන්නැයි ඉල්ලීම් රැසක් ලැබෙමින් පවතින බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කරනවා.
ත්‍රෛනිකායික මහා සඟරුවන, මහනාහිමිවරුන් ඇතුළු සියලු ආගමික නායකයන් මෙන්ම විවිධ පාර්ශ්වයන් තමන්ගෙන් මෙම ඉල්ලීම දිගින් දිගටම කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. එම පාර්ශ්වයන් සමඟ තමන් ඒ පිළිබඳව සාකච්ඡා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ඔහු මෙම අදහස් අස්ගිරි මල්වතු මහනාහිමිවරු බැහැ දැකීමෙන් අනතුරුව ප්‍රකාශ කළ අතර අද (30) පැවැත්වුණු ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් සහ විධායක සභිකයන්ගේ රැස්වීමටද අමාත්‍යවරයා සහභාගී වී සිටීම දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ කතාබහට ලක්ව තිබෙනවා.
Po####ya.