ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රමෝද්‍යගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් පත්ව ඇති වත්මන් අවාසනාවන්ත තත්වය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් හෙළිදරව්වක් කරන බව පැවසුවා. ඒ ලෝක කුසලානයේ පරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටට පැමිණ පිළිගැනීමට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමින්.

එකී හෙළිදරව්ව බව කියන ලිපියක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ පවතින අවසානාවන්ත තත්වය ගැන ඔහු ඉමහත් කණගාටු වෙන බවයි.

ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමට වාදභේද දුරැලා සියලු දෙනා එක් වන්නැයි ඔහු ආයචනා කරනවා. මෙම තත්වය හුදෙක් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි ප්‍රමෝද්‍ය පවසන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය වෙනුවෙන්ද, තරඟ පාවා දෙන සූදුවේ නිරත තැරැව්කරුවන් පමණක් නොව ජාතික කණ්ඩායමේ තැන තහවුරු කරගැනීමට වෙර දරන අයද සිටින බව ඔහු පවසනවා.

මෙම ව්‍යාපෘති සඳහා සමාජ මාධ්‍ය ප්‍රචාරණය ගෙවා ඇති බවද එම මත නිර්මාණය කරන අයගේ දුරකතන පරීක්ෂා කිරීමට අපරාධ විමර්ශන ඒකකවලට දිය යුතු බවද ඔහු යෝජනා කරනවා.

මේ කුමන්ත්‍රණ පල දැරීමට නව අමාත්‍යවරයාගේ පත්වීමද හේතු වූ බව තේරීම් කමිටු සභාපතිවරයා තවදුරටත් පවසනවා.

මෙම අවසානාවන්ත තත්වයට හේතුව ලෙස ඔහු සිය ලිපියෙන් වැඩි විවේචනයක් එල්ල කරන්නේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙතයි.

ඔහුගේ දීර්ඝ ලිපිය පහත පළ වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles