වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව අදහස් දැක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
එහිදී ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙල ඔහු දැඩිව විවේචනය කළ අතර නව වැඩපිළිවෙලක අවශ්‍යතාව මතු කළා.
ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන්නේදැයි මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට ඔහු පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් ඊට සූදානම් බවයි.
කෙසේ වෙතත්, තමා මේ වන විට තමා රැකගත් පක්ෂයෙන් ගසා එළවා දමා ඇති බවත් මුලින් සාමාජිකත්වය ලැබිය යුතු බවත් ඔහු පවසනවා. තමා ආරක්ෂා කළ තම නායකයා වූ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපති ජනපතිවරණයට ඉදිරිපත් වේ නම් සහය පළ කරන බවත් ඔහු කියා සිටියා. වමේ සහ ජාතිකවාදී ප්‍රගතිශීලී බලවේගවලට නායකයෙක් නැති තත්වයක් මේ වන විට පවතින බවයි ඔහු පවසන්නේ.
හිටපු ජනපති මෛත්‍රී එසේ ඉදිරිපත් නොවේ නම් තමා එම වගකීම භාර ගන්නා බවයි ඔහු කියා සිටියේ. සියල්ලට පෙර තමාගේ පක්ෂ සාමාජික්තවය ලැබිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.