ෆෙන්ගල් කුණාටුවේ නවතම තත්ත්වය මෙන්න

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව ඊයේ (29) ප.ව. 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට කි.මී. 280ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (30) සවස් කාලයේදී උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වනු ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවද නවතම කාළගුණ නිවේදනයේ සඳහන්.

කෙසේ නමුත් උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අහස වලාකුළුන් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකි බවත් විශේෂයෙන් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇති විය හැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දක්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles