ජනපති රනිල් ඡන්දෙට එන පක්ෂය මෙන්න

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරඟ වදිනුයේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරණ එක්සත් මහජන පක්ෂයෙන් බව වාර්තා වෙනවා.

ජංගම දුරකතනය ලකුණ වන එක්සත් මහජන පක්ෂයේ දේශපාලන මණ්ඩලයට නව සාමාජිකයන් කිහිප දෙනෙකු පත් කර තිබෙනවා. මෙම වෙනස්කම් සිදු කරන්නේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් බවයි සඳහන් වන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා, එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යන දෙකම අතහැර පොදු අපේක්ෂකයෙක් ලෙස වෙනම ලකුණකින් තරඟ කිරීමට තීරණය කර ඇති බව පසුගිය දා දේශපාලන ආරංචිමාර්ග කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles