සුබ ආරංචිය මෙන්න: තවත් ඇමැති ධුර 3ක්!

තවත් අමාත්‍ය ධුර 3ක් ලබා දීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග විශ්වාසය පළ කරනවා. රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් ඊයේ (24) දිවුරුම් දුන්නා.

ජනපතිගේ ජාතිය ඇමැතීමෙන් පසුව හෙට (26) කැබිනට් සංශෝධනයක් සිදුවන බවත් උක්ත අමාත්‍ය ධුර ඒ හරහා ලබා දෙන බවත් පැවසෙනවා.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නමුත් මේ වන විට ස්වාධීනව කටයුතු කරන පිරිසෙන් ප්‍රබලයන් තිදෙනෙකුට මෙලෙස ඇමැති ධුර ලබා දෙන බවත් එක් අමාත්‍ය ධුරයක් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට ලැබෙන බවත් නිල නොවන ආරංචිමාර්ග කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles