ඡන්ද නීති කඩකරන මාධ්‍යවලට වෙන දේ මෙන්න

මෙවර පැවැත්වෙන්නේ ඉතාමත් ආන්දෝලනාත්මක ඡන්ද විමසීමක් බැවින් නීති රීති අනුව කටයුතු කරන්නැයි මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරනවා.

ඔහු සඳහන් කළේ ඡන්ද විමසීමේ කාලසීමාව තුළදී ඡන්දදායකයෙකුට හෝ අපේක්ෂකයෙකුට ඡන්ද පොළට දුරකථන රැගෙන යෑම තහනම් බවයි.

මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක,

“මාධ්‍ය උපමානවලට සාමාජ මාධ්‍ය ඇතුළත් කරලා තිබුණත් සමාජ මාධ්‍ය නීතිවලට ඇවිත් නැහැ. අපි කරන්නේ පුළුවන් තරම් ශක්තිය දාලා සිද්ධවෙන ඒවා නතර කරන්න. අනෙක් මාධ්‍යවලටත් ඒකම තමයි. නඩු දානවා… අරවා මේවා කරනවා කියලා මං කිව්වේ නැහැ. අපිට කරන්න පුළුවන් තව දේවල් තියෙනවා.”

“සමහර මාධ්‍ය අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයෙන් යනවා නම් අපි කරන්නේ කොමිසම සහ ඒ මාධ්‍ය ආයතනය අතර තිබෙන සියලු සම්බන්ධතා නතර කරනවා. නිල ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපි සලකා බලනවා ඒ ආයතනයට නිල ප්‍රතිඵල නිකුත් කරනවා ද? නැද්ද ? කියලා.”

18 වනදායින් පස්සේ එන්නේ පැය 48ක නිහඬ කාලයක්. ඒ කාලය තුළ මාධ්‍ය කොයි ආකාරයෙන්ද හැසිරෙන්නේ කියන එක විශේෂයෙන් වැදගත්. මේ පැය 48 නිදහසේ ඉන්න දීලා තියෙන්නේ ඡන්දදායකයාට අන්තිම තීරණය ගන්න පහසු කරන්න.

“ඡන්ද විමසීම් කාලසීමාව තුළදී ඡන්දදායකයෙකුට හෝ අපේක්ෂකයෙකුට දුරකථන රැගෙන ඡන්ද පොළට යන්න බැහැ කියලා අපි තහනමක් පනවා තිබෙනවා. ඡායාරූප ලබාගැනීම සම්පූර්ණයෙන් තහනම්. තැපැල් ඡන්දයේදී එහෙම කරපු අය දැන් ඉන්නේ අත්අඩංගුවේ.”

“මේක ඉතාමත්ම ආන්දෝලනාත්මක ඡන්ද විමසීමක්. මේකෙදි පළමු අදියරේ ගණන් කිරීම් නතර කිරීමට එක ඡන්දයක් ප්‍රමාණවත් වෙනවා.
පළවෙනි අවස්ථාවේදී අපේක්ෂකයා 50%ක් සහ තව එක ඡන්දයක් ගත්තොත් එතනදී මුල් අදියර අවසන්. එතකොට අපිට පුළුවන් ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles