හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත පූජාපිටිය පොලිසියේ රඳවා සිටි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
මෙලෙස පළා ගොස් ඇත්තේ පූජාපිටිය බටගල්ල ප්රදේශයේ පදිංචි (27) හැවිරිදි සැකකරුවෙකි.
මෙම සැකකරු ඉකුත් 26 දින හෙරොයින් මිලි ග්රෑම් 3000 ක් සන්තකයේ තබාගෙන සිටීමේ වරදට පූජාපිටිය පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
පොලිසිය පවසන්නේ රැඳවුම් නියෝග මත පොලිස් ස්ථානයේ රඳවා සිටි බවයි.
සැකකරු රඳවා සිටි සිරමැදිරියේ ජල පහසුකම් නොමැති බැවින් ඔහුට ස්නානය කිරීම සඳහා පොලිස් පරීක්ෂකවරයා ඊයේ (31) පස්වරුවේ ඔහු පොලිසිය පිටුපසට රැගෙන යන ලෙසට පොලිස් කොස්තාපල්වරයාට දැනුම් දී ඇති අතර එහිදී සැකකරු පළාගොස් තිබෙනවා.