අධිවේගී මාර්ගවල රිය පදවන රියදුරන්ට විශේෂ දැනුම් දීමක් නිකුත් කර තිබෙනවා. ඒ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වලක්වා ගැනීමටයි.
මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ රිය පැදවීමේදී වාහන අතර පරතරය මීටර් 50ක් තබා ගන්නා ලෙසයි.
පරිසරය අඳුරු තත්වයක්ද පවතින බැවින් වාහනයේ ඉදිරිපස විදුලි පහන් දල්වාගෙන ගමන් කරන ලෙසද ඔවුන් දන්වා සිටිනවා.