හිරුණිකා හොඳින් : පාඨලී කියයි

බන්ධනාගාරගත කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සුව දුක් විමසීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් පසුගිය 6 වැනි දා වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබුණා.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මානසික තත්වය යහපත් බව මෙන් ම ඇය අධිෂ්ඨානයෙන් ඉන්නා බවයි. ඇගේ අභියාචනය අධිකරණයෙන් විභාගයට ගැනීම සම්බන්ධයෙන් ඇය බලාපොරොත්තු සහගතව සිටිනා බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

රටේ ක්‍රියාත්මක වන දේශපාලන පාතාලය ඔවුන්ට අභියෝග කරන පුද්ගලයන් ඉලක්ක කර මඩ ප්‍රචාර සහ වද හිංසා කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු පෙනෙන්නට ඇති බව ජනරජ පෙරමුණු නායකයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles