විකිණීමට සූදානම් වන කැලිෆෝනියාවේ ඓතිහාසික නගරය

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඓතිහාසික නගරයක් වන කැම්පෝ නගරය අලෙවි කිරීම සඳහා ලැයිස්තුගත කර තිබෙනවා.

නගරයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.6 ක් බව ටොප් ගන් සී.ආර්.ඊ දේපළ වෙළඳාම් සමාගම ප්‍රකාශ කරනවා.

දෙවන ලෝක යුද්ධ සමයේදී කැම්පෝ නගරය හමුදා නගරයක් වූ අතර වර්තමානයේ පුද්ගලයන් 100 දෙනෙකු පමණ එම නගරයේ ජීවත්වන බවත් ටොප් ගන් සමාගම පවසනවා.

නගරය මිලදී ගන්නෙකුට ගොඩනැගිලි 20 ක් පමණ හිමිවන අතර එම ගොඩනැගිලි අතර මහල් සහ තනි නිවාස මෙන්ම වාණිජ ගොඩනැගිලිද තිබෙන බව සඳහන්.

නැවත කැම්පෝ නගරය නගා සිටුවීමට සහ වත්මන් පදිංචිකරුවන්ගේ අවශ්‍යතාවයන්ට ගරු කරන අයෝජකයෙකු නගරය මිලදී ගැනීම යෝග්‍ය බවත් නගරය පිළිබඳ ඉදිරි දැක්මක් තිබෙන ආයෝජකයෙකුට නගරය විකිණීමට මුල් හිමිකරුද කැමැත්තක් දක්වන බවත් එම සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles