ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුට හෙල්මටයකින් පහර දුන් බවට සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කන්දකැටිය පොලිසිය මගින්.
හිසට පහරදීම නිසා තුවාල ලැබු මහියංගණ මාපාකඩවැව දබගොල්ල ප්‍රදේශයේ පදිංචි මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු 42 හැවිරිදි මංත්‍රිවරයා කන්දකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.
මෙම පහරදීම කර ඇතැයි පැවසෙන තරුණයා අවුරුදු 26ක අයෙක් බව සඳහන් වෙනවා. දෙදෙනා අතර බහින්බස්වීමක් අතරතුර මෙසේ පහරදීම සිදුව තිබෙනවා. ප්‍රදේශයෙන් පළා ගොස් සිටින සැකකරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.