සඳුදා (13) පළාත් තුනක පාසල් වලට නිවාඩු

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳුදා (13) වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ හින්දු බැතිමතුන් ඉරිදා (12) දීපවාලි උත්සවය සමරනු ලබන නිසයි.

මේ අතර සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායකගේ උපදෙස් පරිදි නිවේදනයක් නිකුත්කරමින් පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කර ඇත්තේ 12 වනදාට නියමිත අධ්‍යයන කටයුතු එළඹෙන 18 වන සෙනසුරාදා ආවරණය කරගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles