හොරගොල්ල වලව් ඉඩමට ඇතුළු වුණැයි වෙඩි තියලා: මුරකරුවන් අත්අඩංගුවට

හොරගොල්ල වලව්වට අයත් ඉඩමට අනවසරයෙන් ඇතුළු වූ අයෙකුට වෙඩි වැදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එම ඉඩමේ සේවය කරන මුරකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබූ බෝර 12 ගිනි අවියක්ද පොලිස් භාරයට ගත් බව සඳහන්.

ඊයේ (12) දිනයේ හොරගොල්ල වලව්වට අයත් ඉඩමට අනවසරයෙන් ඇතුළු වූ 23 හැවිරිදි එම ප්‍රදේශයේම අයෙකු වෙඩි වැදී තුවාල ලබා තිබුණා. වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ ඔහු පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

යම් හොරකමක් සඳහා මෙම පුද්ගලයා වලව්වට අයත් ඉඩමට ඇතුළු වී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉඩමේ මුරකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles