හොරණ වෙඩික්කරු කොට්ටාවේදී මාට්ටු

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 5 වැනිදා ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොට්ටාව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු යුද හමුදාවෙන් පළා ගිය සෙබළෙකු බව පොලිසිය සඳහන් කරනවා.

ඔහු කලක් යුද හමුදාවේ 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු බව සඳහන්.

දින ගණනාවක් මුළුල්ලේ සිදු කළ දුරකතන විශ්ලේෂණ වාර්තා නිරීක්ෂණවලින් පසු අනාවරණය වූ තොරතුරු මත ‍සැකකරු පදිංව්ව සිටී කුලී නිවසේ සිට වෙනත් ප්‍රදේශයක පදිංචියට යාමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles