ඖෂධ රැසක හිඟය නිසා කල් ඉකුත් වූ ඖෂධ වර්ග ඇතැම් රෝහල්වල භාවිතයට ගෙන ඇති බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්. මැදිවත්ත සඳහන් කරනවා.
කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින බවත් ඒ, අනුව කල් ඉකුත් වූ ඖෂධ වර්ග ඇතැම් රෝහල්වල භාවිතයට ගෙන ඇති බවයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්. මැදිවත්ත අද(28) පැවැති මාධය සාකච්ඡාවකදී පැවසුවේ.
එසේම සර්ජිකල් ස්ප්‍රිට්, අත් සෝදන ද්‍රව්‍ය, සිරින්ජර්වල මාස ගණනාවක සිට හිඟයක් පවතින බවත්, කල් ඉකුත් වූ ප්‍රතිජීවක ඖෂධ, දැඩි සත්කාර ඒකකයේ ඖෂධ විෂ වීමෙන් විවිධ ආසාත්මිකතා සහ මරණ ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔහු විසින් සඳහන් කළා.