හඳුනාගත් ඊශ්‍රායෙල් ඉලක්ක කිහිපයකට ඉරානය විසින් ඊයේ රාත්‍රියේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඩ්‍රෝන සහ කෘෘස් මිසයිල යොදාගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉරානය මෙසේ ප්‍රහාර එල්ල කරන ලද්දේ පසුගිය අප්‍රේල් 1 වැනිදා සිරියාවේ ඩැමස්කස්හි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්. එයින් ඉරාන කොන්සල් කාර්යාලයේ දහතුන් දෙනෙකු මිය ගියා.
මෙම ප්‍රහාරයත් සමඟම ලෝක දේශපාලනයේ උණුසම්ව තිබෙනවා. මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් නතර කර ඇති බවත් ඇමෙරිකාව ගල්ෆ් කලාපයට යුද නැව් කිහිපයක් යොමු කර ඇති බවත් විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරනවා.