විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ තැබීම සඳහා වන නීතිමය විධිවිධාන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
කාලයක් තිස්සේ බන්ධනාගාරවල තිබෙන තදබදයට විසඳුමක් ලෙසයි මෙය යෝජනා වී තිබෙන්නේ.
සුදුසු නඩු කටයුතුවලට අයත් සැකකරුවන් සහ වැරැදිකරුවන් නිවාස අඩස්සියේ තැබීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.
අසල්වැසි ඉන්දියාවේද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස නිවාස අඩස්සිය යෝජනා කෙරුණත් විශාල වශයෙන් එහිද තවමත් ක්‍රියාත්මක වන්නේ නැහැ.
නිවාස අඩස්සියේ තැබෙන පුද්ගලයෙකු වෙත ටැගයක් පළඳා ඔහුව නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සමහර රටවල ක්‍රියාත්මක වෙනවා.