සිවිල් වැරදිකරුවන් සිරගත නොකර නිවාස අඩස්සියට?

සිවිල් වැරදිකරුවන්ට ඇප ලබාදීමේ පනත සංශෝධනය කර ඔවුන් නිවාස අඩස්සියේ තැබීමට හැකි පරිදි ප්‍රතිපාදන ගෙන ඒම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ප්‍රකාශ කරනවා.

මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණ දී තිබෙන බරපතළ ප්‍රශ්නයක් වන්නේ බන්ධනාගාරවල ඉඩකඩ මදි වීමයි. 13000ක් පමණ රැඳවිය හැකි බන්ධනාගාරවල මේ වන විට 29000ක පමණ පිරිසක් රඳවා තිබෙනවා.

ඒ අතර මත්ද්‍රව්‍ය වරදවල් සඳහා සිරගතව සිටින පිරිසගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යන බවයි පැවසෙන්නේ. සමස්ත රැඳවූවන්ගෙන් 50%ට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගත වූවන් බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධ නීති කෙටුම්පතක් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන බව අමාත්‍යවරයා පවසා සිටියේ පසුගිය 10 වැනිදා ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති පුවත් සාකච්ඡාවේ දීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles