සරතැස නිවූ නිල් නිළි ජෙසී ජීවිතය නිමා කළ හැටි

2000 – 2010 දශකයේ ඇමරිකානු වැඩිහිටි සිනමා කර්මාන්තයේ සක්‍රීයව නිරත වූ ජෙසී ජේන් සිය පෙම්වතා සමග ම නිවසේ මිය ගොස් සිටියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

නීල සිනමාවේ ඉහළම ගාස්තු අය කරමින් රඟපෑ නිළියක් වූ ඈ දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔක්ලහෝමාහි නිවසක වාසය කළ ඈ සහ ඇගේ පෙම්වතා මිය ගොස් දින කිහිපයක් වන බවයි පැවසෙන්නේ. සොයා ගන්නා විට ඔවුන්ගේ සිරුරු නරක් වී දුඟඳ හමමින් තිබුණ බව පොලිසිය සඳහන් කළා.

වයස 20 දී පමණ නිල් චිත්‍රපට කර්මාන්තයට යොමු වූ ඈ එවක බොහෝ මුදල් හරි හම්බ කරගත්තා. ඩීවීඩී පට හරහා නිල් සිනමාපට සංසරණය වූ කාලයේ ඇය තම පළමු චිත්‍රපටය සඳහා ඇමරිකන් ඩොලර් මිලියනයක් (2005) වසරේදී අය කරනු ලැබුවා. එහි දෙවැනි කොටස සඳහා මිලියන 8ක් අය කළ බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත්, අන්තර්ජාලය පැමිණි පසු ඩීවීඩී නිල් සිනමාපට භාවිතය නැතිව යෑම සිදු වූ අතර අන්තර්ජාල නිසා නිල් චිත්‍රපට කර්මාන්තය විනාශ වූ බව ඇය පසුව පවසා තිබුණා.

වයස 43ක්ව සිටි බොහෝ දෙනාගේ සරතැස නිවූ ජෙසී ජේන් මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් නිසා දිවියෙන් සමුගෙන ඇති බවයි බලධාරීන් අනුමාන කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles