ෂාෆ්ටර් ඝාතනය සිදුවුණේ කොහොම ද?

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බව අධිකරණ තීන්දුව ලැබීමෙන් පසු නව තත්වයන් යටතේ පරීක්ෂණ ආරම්භ කරන බව පොලිසිය පවසනවා.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඔහුගේ බෙල්ලට සහ මුහුණ ප්‍රදේශයට බාහිරින් එල්ල වූ පීඩනයක් නිසා සිදු වූ බවයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර ඇත්තේ. ඒ මරණයට හේතුව අනාවරණය කර ගැනීමට පත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරී විද්වත් කමිටු වාර්තාවකට අනුවයි.

මේ සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදු වෙනවා.

මෙම ඝාතනය සම්බන්ධ පෙර පොලිස් පරීක්ෂණවලින් කිසිවක් අනාවරණය වී නැති බවයි පොලිස් ආරංචිමාර්ග වාර්තා කරන්නේ. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සිදු වී මේ වන විට වසරකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles