පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් 60% මාසික ආදායම අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ දිවයින පුරා කරන ලද නවතම සමීක්ෂණයකට අනුවයි.
එසේ ම පවුල් 91%ක මාසික වියදම ඉහළ ගොස් තිබෙනවා.
මාසික ආදායම අඩු වූ පවුල්වලින් 73.6%ක් මේ මේ අඩුවීම වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි වාර්තාව පෙන්වා දෙන්නේ. අමතර ආදායමක් හෝ රැකියාවක් ලැබී තිබෙන්නේ, 6%ක පවුල් ප්‍රමාණයකට පමණයි.
අනෙක් පිරිස ණය ලබා ගැනීම, භාණ්ඩ උකස් කිරීම සහ ආහාර සහ මුදල් ඉල්ලාගැනීම සඳහා යොමුව තිබෙනවා. පවුල් 22%ක ප්‍රමාණයක් ණය බරින් පෙළෙනවා.
මෙරට පිරිමින්ගෙන් 14%කට රැකියා අහිමිවී තිබෙනවා.
ජනතාවගෙන් 81.7%ක් ම මුදල් නොමැතිකම නිසා ප්‍රතිකාරවලට යොමු නොවී රෝගය අසාධ්‍ය වන තුරු සිටින බව එම සමීක්ෂණය හෙළිදරව් කරනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන් අධ්‍යාපනයට ද බාධා එල්ල වී ඇති අතර, වයස අවුරුදු 3ත් 21ත් අතර සියයට 54.9ක අධ්‍යාපනයට එමගින් බලපෑම් එල්ල වී ඇති බව අදාළ සමීක්ෂණයෙන් හෙළි වී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දක්වා සිටිනවා.