ඉල්ලීමක් කළහොත් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර පවසනවා.
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්රීවරයා පෙන්වා දුන්නේ, ශ්රී ලංකාවේ සියලුම ජනකොටස්වලින් තමාට හොඳ පිළිගැනීමක් ඇති බවයි.
විපක්ෂයේ සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) ඇතුළු සියලුම දේශපාලන පක්ෂ සමඟ ද තමන් සුහදව කටයුතු කරන බව ද ඔහු අනාවරණය කළා.
“මට කිසිම පක්ෂයක් හෝ ප්රජාවක් සමඟ වෛරයක් නැහැ. මම හැමෝටම ආදරය කරන කෙනෙක්. මට අවස්ථාව දුන්නොත් මම අනිවාර්යයෙන්ම මැතිවරණය ජයග්රහණය කරනවා.” ඔහු වැඩිදුරටත් පැවසුවා.
දයාසිරි ජයසේකරගේ ප්රධානත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ‘මානුෂික ජනතා සන්ධානය’ නමින් පිහිටුවාගනු ලැබුවා
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ, තුන් සිංහළයම නෑදෑයෝ……