ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව පැවසුවද එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එම නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බව ඔහු සඳහන් කර සිටියා.
මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ (22) පැවති නව ජනතා පෙරමුණේ ජාතික සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට මෙන්ම ජීවත්වීමේ අයිතිය සුරැකීමට ද තමා කැපවී සිටින බවයි.