ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකවරයා තමා බව ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා. ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීම සඳහා තමාට එම පෙරමුණෙන් කොන්දේසි 10ක් ඉදිරිපත් කර ඇති බවයි ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ.
තමා ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස වැඩ කරමින් සිටිනා බවත්, වැඩ කිරීමට ඇත්තේ තවත් පැය 9600ක් බවත් පවසන ධම්මික පෙරේරා කළ යුතු ආකාරය සම්බන්ධ සැලසුම් සකස් කිරීමට තමන් කටයුතු කරන බව කියා තිබෙනවා. කෙසේ වෙතත් තමාගේ නම ප්‍රසිද්ධ කිරීම එම පක්ෂය විසින් සිදු කළ යුතු කටයුත්තක් බවයි ඔහු පවසන්නේ.