එන ඡන්දෙට මං ඉල්ලන්නයි හිතාන ඉන්නේ – මර්වින්

ඉදිරි මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කැළණිය ආසනයෙන් තමන් තරඟ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා පවසනවා.

පෞද්ගලික නාලිකාවක පැවති සාකච්ඡාවකට එක වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

තමන්ගේ දේශපාලන ගමනට ශක්තියක් වන ජනතාවක් සිටින බවයි ඔහු කියා සිටින්නේ.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ජනතා විමුක්ති පෙරමුණට කිසිම අවස්ථාවක මෙරට බලය ලබාගත නොහැකි බවයි.

“අනුර කුමාර චන්ද්‍රිකාගේ කාලයේ කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න කොට මේ රට වෙනුවෙන් මොනවද කළේ කියලා මම අහනවා. රට වටේම තිබුණ වැව් ටික හාරපු එක විතරයි කළේ. අන්තිමට හොඳට තිබුණ වැව් ටිකත් විනාශ කළා. ලාල් කාන්ත කියනවා ගමෙන් නඩු අහන ක්‍රමවේදයක් හදන්න අවශ්‍යයි කියලා. ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියනවා. මේවා රටට ඔබින කතාද. ජනතා විමුක්ති පෙරමුණ ලොකේ වටේ යන්නේ මුදල් ගසා කන්නයි. ජනතා විමුක්ති පෙරමුණෙන් 88-89 කාලයේ මිනිස්සු මැරුවා. මගේ පවුලෙම තුන් දෙනෙක්ව ඔවුන් ඝාතනය කළා. ” යැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles