කළුතර “කේක් නෝනා” නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇතැයි පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේ දි පවසා තිබෙනවා.
මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ තමාට මෙන්ම වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ද අපහාස වන අයුරින් මෙම කාන්තාව සමාජ මාධ්‍යයේ විවිධ සටහන් තබා ඇතැයි බවත් එම සටහන නිසා මන්ත්‍රීවරයාට ජීවිත තර්ජනයක් ඇති වී තිබෙන බවයි.
වරදක් කර තිබේ නම් ඕනෑම විවේචනයක් කළාට කමක් නැතැයි ද වරදක් නොකර මෙලෙස විවේචනය කිරීම නුසුදුසු බවත් තමා හොරෙක් බවත් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් එම ෆේස්බුක් සටහන් වල ද පළ වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයටද ඉල්ලූ මෙම කාන්තාව “කේක් නෝනා” යැයි කියූ විට කවුරුත් දන්නා බවද රෝහිත අබේගුණවර්ධන තියා සිටිනවා.