මා ආවෙ එජාප උරුමය සමඟයි : ජනපති

ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ඩී.බී. විජේතුංග ජනාධිපතිවරුන් සමඟ පක්ෂය ආරක්ෂා කරමින් එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට පත්ව රටේ නායකත්වය කරා තමා පැමිණියේ එජාප පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුව අමතමිනුයි සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර සමගි ජන බලවේගය ගොඩනැඟූ නමුත් ඔහුගේ පියාගේ පාලන සමයේ දී පක්ෂය කැඩීයාමට ගිය අවස්ථාවේ එය ආරක්ෂා කර දුන්නේ තමා බවද ජනාධිපතිවරයා කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂය නැති කිරීමට ඇතැමුන් උත්සාහ කළ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගැනීමට ඡන්දය ලබා දුන් දෙලක්ෂ පනස්දහසට තමා ස්තූතිවන්ත වෙන බවද ජනාධිපතිවරයා පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles