ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධාන පුටුව ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන පත්කර තිබෙනවා.

නොවැම්බර් මස 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරනවා.

එය ස්වාධීන තනතුරක් වන අතර ඔහු එම තනතුරට පත්කර ඇත්තේ වසර 14ක් එම තනතුරේ කටයුතු කළ ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් එම තනතුරෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන්.

ජනාධිපති නීතිඥයෙක් වන ධර්මවර්ධන නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් ලෙස විවිධ නීතිමය කටයුතුවලදී ශ්‍රී ලංකා රජය පමණක් නොව ක්‍රීඩා අමාත්‍යංශය ද නියෝජනය කර තිබෙනවා.

ලොව අනෙකුත් ක්‍රීඩා නියෝජිතායතන සමග සිදුකෙරෙන සාකච්ඡාවලදී ද ඔහු ශ්‍රී ලංකා රජය නියෝජනය කර තිබීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles