ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ICC අලුත් තීරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති ICC විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබෙන බව වාර්තා වෙනවා.

එහෙත් ක්‍රිකට් තහනම පැවතියද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහභාගි වන තරඟාවලි සඳහා එමගින් බලපෑමක් ඇතිනොවන බවද මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කිරීමටද එහිදී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍යවල සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙම රැස්වීමට සහභාගී වී ඇති බව ආරංචිමාර්ග වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles