රටක ජාතික සමඟිය පවත්වාගෙන යාමට ගෙන එන ලද සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR)පණත දඩමීමා කරගෙන මේ වන විට මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරිකයින් මර්දනයට කටයුතු කෙරෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, විද්‍යුත් නියාමන පණත් කෙටුම්පත පිළිබඳව ප්‍රශ්න යොමු කරමින්. වත්මන් රජය විසින් ජනමාධ්‍ය නියාමනය සඳහා යෝජනා කර තිබෙන පණත් කෙටුම්පත මගින් අනවශ්‍ය ලෙස මාධ්‍ය හසුරුවාලීමට යම් උත්සාහයක් ගන්නා බව පෙනෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි බරපතළ බලපෑමක් සිදු කළ හැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.