දිවුලපිටිය ,මරඳගහමුල ප්‍රදේශයේ සහ ඒ අවට අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරි “අයිස් චන්දිමාල්” නැමැති පුද්ගලයාව දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හේන්පිටගෙදර ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලීසිය සඳහන් කරනවා.
මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔහු සහ තවත් පුදගලයෙකු මත්ද්‍රව්‍ය පානය කරමින් ඇති අතර එම අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 4යි මිලි ග්‍රෑම් 500ක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මීගමුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බව සඳහන්.