මෙරට ප්‍රධාන පෙළේ ආහාර බෙදාහැරීමේ ජාලයක සේවය කරමීන් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරින පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසින් නිළධාරීන් විසින් කළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සතු ආහාර බෙදාහැරීමේ බෑගය තුළ සඟවා තිබූ අයිස් ග්‍රෑම් 25ක් ද ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමට අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 332 මිලිග්‍රෑම් 800, හෙරොයින් ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 300ක් සහ මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ 37ක් සොයා ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.
සැකකරු විද්‍යුත් තරාදි උපයෝගී කර ගනිමීන් අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවත්වා ගෙන ගිය අතර ඔහු ගමන්ගත් යතුරුපැදිය සහ එම විද්‍යුත් තරාදි ද පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.