සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ නිවසට ගොස් ජනාධිපතිවරයා මුණගැසෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.
ඔහු වැඩි දුරටත් පවසන්නේ ෆොන්සේකා රෑට රෑට ඩයනාගේ නිවසට ගොස් ජනාධිපතිවරයාව හමුවෙන බවයි. එසේම ඩයනා ගමගේ අමාත්‍යවරියගේ ස්වාමිපුරුෂයා යනු ෆොන්සේකා මහතාගේ හිටපු ලේකම් බව මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.
සමගි ජන බලවේගයේ සිටින්නේ නම් පක්ෂය සමඟ සිටිය යුතු බවත් ජනාධිපතිවරයා සමඟ සිටින්නේ නම් ඔහු සමඟ යා යුතු බවත් මෙසේ ක්‍රියා කිරීම කුප්ප වැඩ කිරීමක් බවත් අමාත්‍යවරයා පවසනවා.