අවස්ථාවක් ලදොත් මහමොළකරු අල්ලනවා : ෆොන්සේකා

තමාට අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු නිසැක වශයෙන්ම අල්ලන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා පවසනවා.

ඔහු ඒ බව තලාහේන පක්ෂ කාර්යාලයේ ඊයේ (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණා.

පාස්කු ප්‍රහාරය සිදුවී ඊයේ දිනට වසර පහක් ගත වන අවස්ථාවේදී තවමත් එම ප්‍රහාරයේ මහ මොලකරුවන් නිදැල්ලේ සැරි සරන බවයි ඔහු පවසා සිටියේ.

බුද්ධි තොරතුරු වලට අනුව එම ප්‍රහාරය සිදුවන දිනය වේලාව ස්ථාන සියල්ලම රාජ්‍ය බුද්ධි තොරතුරු නිලධාරීන් විසින් කලින් දැනුම් දී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන දඬුවම් ලැබිය යුතු බවත් එහි දී මන්ත්‍රී සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles