නීතිවිරෝධී ගිනි අවි හා බෝම්බ පොලිස් භාරයට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වන දා සිට ආරම්භ කළ යුක්තිය මෙහෙයුම සාර්ථකව අත්අඩංගුවට ගැනීම් සිදුකරන අතර ඒ සඳහා තොරතුරු ලබාදෙන ඔත්තුකරුවන් වෙත මෙම මුදල් ත්‍යාගයන් ලබාදීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරී සහ අධ්යක්ෂවරුන් වෙත මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති අතර තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කර පහත පරිදි මුදල් ත්‍යාගයන් ලබාදීමට නියමිත බවත් පවසා තිබෙනවා.