පාරිභෝගික අධිකාරියේ විමසීම් ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රට පුරා නිලධාරීන් දැනුවත් කිරීම අද කොළඹ ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේ දී සිදු කෙරුණා. පාරිභෝගික අධිකාරිය සහ නීති ආධාර කොමිසම එක්ව මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම මෙහි අරමුණයි. ඒ අනුව හෝ පාරිභෝගික පැමිණිලි කිරීම සඳහා කොළඹට පැමිණිය යුතු නැති අතර සෑම පළාතකටම පාරිභෝගික නිලධාරියකු පත් කරනු ලබනවා.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙහිදී අදහස් දැක්වූවා.
“අපේ රට කඩා වැටුණේ නීතියේ ආධිපත්‍ය නොසලකා හැරිය නිසයි. ලී ක්වාන් යූ සිංගප්පූරු හැදුවා කිව්වට එහි ජනතාවයි සිංගප්පූරුව හැදුවේ. ඇමතිවරු නිලධාරීන්ගේ ගුණ වර්ණනා කරනවා නිලධාරීන් ඇමතිවරුන්ගේ ගුණ වර්ණනා කරනවා දෙන්නට දෙන්නා පිට කහ ගන්නවා.
සත්ව ආහාර ලෙස ගෙනාපු කඩල, මුංඇට පහුගිය කාලේ පිටකොටුවේ අලෙවි කළා. නමුත් ඒවා අල්ලන්න කවුරුත් හිටියේ නෑ. බදු ගෙවන අහිංසක මිනිස්සු අපි රැක දිය යුතුයි. මම ගියා පැමිණිල්ලක් කරන්න තේ සමාගම්වල තේ පැකට් තුනක් අරගෙන පස්සේ ඒ සමාගම්වල නීතිඥවරු ආවා පාරිභෝගික අධිකාරියට. මගෙන් ඇහුවා ඇයි එහෙම පැමිණිල්ලක් කළේ කියලා. මෙහෙම දේවල් වෙන්න නම් මොකටද පාරිභෝගික අධිකාරිය?
මේවට උසාවියට වන්දි නොගෙව්වට වන්දි ගෙවන්න වෙයි. අපි පාවිච්චි කරන තේ වල ගොඩක් ඩයි පාවිච්චි වෙනවා.
ආහාරයක් පරික්ෂා කරගන්න නගර සභා වගේ තැනක පරීක්ෂණාගාරයක් තියෙන්න ඕනේ. එතකොට ජනතාවට පුළුවන් තමන් කන්නේ හොඳ දේවල් ද නරක දේවල්ද කියලා හොයාගන්න.”
යනුවෙන් ඔහු එහිදී අදහස් දක්වනු ලැබුවා.