සාක්ෂි ලැබුණොත් කෙහෙළියවත් අත්අඩංගුවට: ඇමැති ටිරාන්

ව්‍යාජ ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත සාක්ෂි ලැබෙන්නේ නම් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අනිවාර්යයෙන් අත්අඩංගුවට ගනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ව්‍යාජ ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් අත්අඩංගුවට ගත්තද ඇමැතිවරයා එසේ අත්අඩංගුවට ගනු නැති දැ යි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඉපිටුම,
“මම සාමාන්‍යයෙන් අනිත් අමාත්‍යංශවල දේවල් ගැන කථා කරන්නේ නෑ. ඒක එකක්. මේ සිද්ධිය සී.අයි.ඩී. එකෙන් පරීක්‍ෂණ කරනවා. සී.අයි.ඩී. එකෙන් පරීක්‍ෂණ කරලා ඇමතිතුමා වැරදි කියලා එගොල්ලන්ට ඇති වෙන්න සාක්කි තිබුණොත් එගොල්ලන් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගනී.

හැබැයි සාක්‍ෂි තියෙන්න ඕන. මාධ්‍යයෙන්වත්, දේශපාලන පක්‍ෂවලින්වත් කෑගැහුවට ඇමතිතුමාව ගන්න ඕන, ඇමතිතුමාව ගන්න ඕන කියලා ඒක වෙන්නෙ නෑ. දැන් ඔය ප්‍රශ්නයට යම්කිසි පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඊට පස්ස් මම දැක්කා මීඩියාවලත් හරියට යනවා ලේකම්තුමාවත් ගන්න ඕන කියලා. නමුත් ලේකම්තුමාව අත්අඩංගුවට ගත්තෙ නෑ. සී.අයි.ඩී. එක හරියටම එගොල්ලන්ට සාක්‍ෂි ලැබිලා එගොල්ලන්ට සැක කරන්න පුළුවන් හරි සාක්‍ෂි තිබුණ හින්දා තමයි ඊට පස්සෙ අත්අඩංගුවට ගත්තේ.

ඒ වගේම සාක්‍ෂි ලැාබුණොත් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගනී. ඒක වෙනසක් වෙන්නේ නෑ”

ඉපිටුම අවසන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles